හෝමාගම තරුණයාගේ මරණයට වගකිවයුත්තන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව පොලිසිය කියයි

පොලිස් අත්අඩංගුවේ පසුවියදී සිදුවූ හෝමාගම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි. නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ කිසිදු නිලධාරියෙකු විශේෂයෙන් ආරක්ෂා කිරීමට පොලීසිය කටයුතු නොකරන බවත්, වරදකරුවන්ට එරෙහිව නීත්‍යානුකූලව හා විනයානුකූලව දැඩි පියවර ගන්නා බවත් ඔහු මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.​පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත් දකුණු කොට්ඨාසයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් මඟින් මෙම සිද්ධිය විමර්ශනය කරන අතර, දැනටමත් හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. මීට අමතරව, එක් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී.​මීට අමතරව, කොබේගනේ පොලිස් භාරයේ සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධිය හා ත්‍රිකුණාමලයේදී සිදුවූ කැපුම් තුවාල වාර්තා සම්බන්ධයෙන්ද වෙනම පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,401

Leave A Reply

Your email address will not be published. Required fields are marked *