යහපත් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ විහාරස්ථානයකට භාරදුන් දස හැවිරිදි පිරිමි දරුවකු බරපතල ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ චෝදනාවට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමිනම වරදකරු කර තිබේ. ඒ අනුව අනුරාධපුර විශේෂ මහාධිකරණය මගින් විත්තිකාර හිමිනමට වසර 24ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලදී. මීට අමතරව පීඩාවට පත් දරුවා වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවන ලෙසත්, එය පැහැර හරින්නේ නම් තවත් වසර දෙකක සිරදඬුවමක් පනවන ලෙසත් අධිකරණය නියෝග කර ඇත.මෙම නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදී විත්තිකාර හිමිනම අධිකරණය මඟහරිමින් ප්‍රදේශයෙන් පළාගොස් සිටි බැවින්, උන්වහන්සේ නොමැතිවම නඩු විභාගය පවත්වා තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට විනිසුරුවරයා පියවර ගත්තේය. ඒ අනුව දැනට සැඟව සිටින වැරදිකරු හිමිනම වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක්ද නිකුත් කර තිබේ.මේ අතර, මහණ කිරීම සඳහා විහාරස්ථානයකට භාරදුන් පළමු දිනයේම කුඩා පිරිමි දරුවකු ලිංගික අපයෝජනයට ලක් කළ ගල්නෑව ප්‍රදේශයේ තවත් හිමිනමකටද අනුරාධපුර විශේෂ මහාධිකරණය විසින් පසුගියදා දඬුවම් නියම කරනු ලැබීය.



























