මෙම වසරේ ලොව ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇති බව BookRetreats.com ආයතනය විසින් නිකුත් කළ නවතම ‘State of Retreats 2026’ වාර්තාව මගින් තහවුරු කර තිබේ. විශේෂයෙන්ම මෙරට පවතින ගැඹුරු ආයුර්වේද උරුමය සහ එම අභයභූමි කෙරෙහි ජාත්‍යන්තර සංචාරකයින් දක්වන උනන්දුව මෙම ඉහළ ඇගයීමට ප්‍රධාන හේතුව වී ඇත.එපමණක් නොව, මෙරට සංචාරක ක්ෂේත්‍රයේ පවතින සහනදායී මිල ගණන්, වීසා පහසුකම් සහ දූපතක් ලෙස හිමි ස්වාභාවික රමණීයත්වය ද මෙම ජයග්‍රහණය සඳහා ඉමහත් පිටුබලයක් වී තිබේ. මෙම ලැයිස්තුවේ දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් ඕස්ට්‍රේලියාව සහ මොරොක්කෝවට හිමිව ඇති අතර, ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක රටවල් දහය අතරට එංගලන්තය, ස්පාඤ්ඤය, නේපාලය, තායිලන්තය, මෙක්සිකෝව, කොස්ටාරිකාව සහ කැනඩාව ද ඇතුළත් වේ.ගෝලීය සුවතා සංචාරක කර්මාන්තය මේ වන විට ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර, එය 2027 වන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක වෙළෙඳපොළ වටිනාකමක් දක්වා වර්ධනය වනු ඇතැයි Global Wellness Institute පුරෝකථනය කර ඇත. මෙවැනි වාතාවරණයක් තුළ ශ්‍රී ලංකාව ලබා ගත් මෙම ජාත්‍යන්තර පිළිගැනීම, ඉදිරියේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා දැවැන්ත දායකත්වයක් ලබා දෙනු නොඅනුමානය.



























