ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් පිරිනමන 2026 වසරේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සඳහා වන සම්මානයට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග නිර්දේශ ලැබීමට සමත්ව ඇත.මෙම වසර තුළ සහභාගී වූ තරගාවලි 14කින් 13ක්ම ජයග්‍රහණය කරමින් විශිෂ්ට දස්කම් දක්වා ඇති රුමේෂ්, වර්ල්ඩ් අල්ටිමේට් චැම්පියන්ෂිප්, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, ආසියානු ක්‍රීඩා උළෙල සහ ඩයමන්ඩ් ලීග් ශූරතාව යන ප්‍රධාන ජයග්‍රහණ රැසක් හිමිකරගෙන තිබේ. විද්වත් අධීක්ෂණ මණ්ඩලයක තීරණයකින් අනතුරුව මෙම වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය නොවැම්බර් 09 වැනිදා ප්රදානය කෙරේ.


























