2026 උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් 10 සිට

ගෘහ ආර්ථික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් 10 සිට 20 දක්වා පැවැත්වේ​.අ.පො.ස. උසස් පෙළ (2026) ගෘහ ආර්ථික විද්‍යාව ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ඉදිරි දිනවලදී පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. ඒ අනුව මෙම පරීක්ෂණ ඔක්තෝබර් 10 වැනි දින සිට ඔක්තෝබර් 20 වැනි දින දක්වා දිවයින පුරා පිහිටුවන ලද පරීක්ෂණ මධ්‍යස්ථාන 44කදී ක්‍රියාත්මක වේ.​පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ නිවෙස් ලිපිනයට ද තැපැල් මගින් යොමු කර ඇත. යම් හෙයකින් ප්‍රවේශ පත්‍ර නොලැබුණු අපේක්ෂකයින් වෙතොත්, විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය ඔස්සේ ඒවා බාගත කර ගැනීමට පහසුකම් සලසා දී තිබේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *