2026 දී ඩොලර් බිලියන 9ක විදේශ ප්‍රේෂණ ඉලක්කයක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 2026 වසර සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 9ක ආදායම් ඉලක්කයක් තබා ඇති බවත්, එය සපුරා ගැනීමට හැකිවනු ඇති බවත් එහි සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම 2030 වසර වන විට මෙම විදේශ ප්‍රේෂණ ආදායම ඩොලර් බිලියන 12 දක්වා ඉහළ නංවා ගැනීම කාර්යාංශයේ මෙහෙයුම් ඉලක්කය බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.​විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන් වෙනුවෙන් පැවැති විශේෂ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයකට එක්වෙමින් සභාපතිවරයා මෙම කරුණු පැහැදිලි කළේය. මෙම වැඩසටහන අතරතුර විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන් 95 දෙනෙකු සඳහා අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුවිය.​මීට අමතරව, “අපි අපේ ලෝකය පාට කරමු – අපේ රට විරුවෝ” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ චිත්‍ර තරගයේ ජයග්‍රාහී දරුවන් වෙනුවෙන් තිළිණ සහ සහතිකපත් පිරිනැමීම ද මෙම උත්සවයට සමගාමීව සිදු කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,277

Leave A Reply

Your email address will not be published. Required fields are marked *