2027 මුදල් වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය දෙවනවර කියවීම අද (20) පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත වී තිබේ. පනත් කෙටුම්පතට පක්ෂව මන්ත්‍රීවරුන් 157 දෙනෙකු සිය ඡන්දය ප්‍රකාශ කළ අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 60 ක් පමණි.ඒ අනුව, අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 97 කින් සම්මත වූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ඡන්ද විමසීමේ විශේෂත්වය වන්නේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළකී නොසිටීමයි.මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා පසුගිය නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරනු ලැබීය. ඉන් අනතුරුව පැවති විවාදය අවසානයේ අද දින මෙම ඡන්ද විමසීම පැවැත්විණි.



























