2027 අයවැය කතාව හෙට පාර්ලිමේන්තුවට

2027 වසර සඳහා වන රජයේ අයවැය ප්‍රකාශය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මීට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.​අයවැය දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට 20 දක්වා දින 7ක් පැවැත්වෙන අතර, දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වේ. අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා පැවැත්වීමට නියමිතයි.​තෙවැනිවර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරුවේ පැවැත්වෙන අතර අයවැය විවාද පැවැත්වෙන කාල සීමාව තුළ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,417

Leave A Reply

Your email address will not be published. Required fields are marked *