මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 19 පනී

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 19 සීමාව පසුකර තිබේ. සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්තවලට අනුව ජනවාරි 1 සිට නොවැම්බර් 08 දක්වා සංචාරකයින් 1,912,233 දෙනෙකු මෙරටට පැමිණ ඇත.​නොවැම්බර් මාසයේ පළමු දින 8 ඇතුළත පමණක් සංචාරකයින් 49,929 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, මෙරටට වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි රට බවට ඉන්දියාව පත්ව සිටී. ඒ අනුව ඉන්දීය සංචාරකයින් 512,026 දෙනෙකු මේ වන විට පැමිණ තිබේ.​මීට අමතරව එක්සත් රාජධානියෙන් 176,670ක්, චීනයෙන් 126,326ක් සහ ජර්මනියෙන් 108,754ක් ලෙස සංචාරකයින් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,417

Leave A Reply

Your email address will not be published. Required fields are marked *