ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2027 අයවැය යෝජනාවලියේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (20) පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිතය. පසුගිය 13 වැනිදා ආරම්භ වූ අයවැය දෙවන වර කියවීමේ විවාදය අද දිනයෙන් අවසන් වන අතර, විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (21) සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පුරා පැවැත්වේ.අයවැය කාලසීමාව තුළ සෑම දිනකම පෙරවරු 9.30 සිට 11.00 දක්වා පාර්ලිමේන්තු සාමාන්‍ය කටයුතු සහ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා අයවැය විවාදය පැවැත්වේ. විසර්ජන පනත් කෙටුම්පතේ තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.



























