2027 පාසල් පෙළපොත් හා මොඩියුල මුද්‍රණයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

2027 වර්ෂය සඳහා පාසල් පෙළපොත් සහ මොඩියුල මුද්‍රණය කිරීමට අනුමැතිය හිමි වේ​2027 වර්ෂයේදී පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට අවශ්‍ය පාසල් පෙළපොත් සහ මොඩියුල මුද්‍රණය කිරීමේ පළමු අදියර යටතේ කටයුතු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මෙම පළමු අදියර යටතේ 1, 2 සහ 6 ශ්‍රේණි සඳහා වන මොඩියුල ද ඇතුළුව පෙළපොත් සහ මොඩියුල වර්ග 421ක් මුද්‍රණය කිරීම සඳහා සුදුසු මුද්‍රණායතන තෝරා ගැනීම සිදු කෙරේ.​මේ සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 31ක් ඉදිරිපත් විය. ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, අදාළ මුද්‍රණ කොන්ත්‍රාත්තු මුද්‍රණායතන 21ක් වෙත පිරිනැමීමට තීරණය කර ඇත.​මෙම කටයුතු සඳහා රුපියල් මිලියන 1,614.69ක මුදලක් (එකතු කළ අගය මත බදු රහිතව) වැය වීමට නියමිතය. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමත කර තිබේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *