2028–2032 එක්සත් ජාතීන්ගේ සහයෝගීතා රාමුව ගැන අගමැතිනිය සහ UN නියෝජිත පිරිස අතර සාකච්ඡාවක්

2028–2032 කාලසීමාව සඳහා ශ්‍රී ලංකාවට යෝජිත ‘එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සහයෝගීතා රාමුව’ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා ඇතුළු නියෝජිත පිරිස අතර පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක් පැවැත්විණි. එම රාමුව සකස් කිරීමේදී රාජ්‍ය ආයතන, විද්වතුන් සහ සිවිල් සමාජය ඇතුළු සියලු පාර්ශ්වකරුවන් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන ඒකාබද්ධ වැඩපිළිවෙළ පිළිබඳව නේවාසික සම්බන්ධීකාරකවරයා මෙහිදී අග්‍රාමාත්‍යතුමිය දැනුවත් කළේය.​යෝජිත වැඩසටහන් ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ඉලක්කයන්ට අනුකූල විය යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමිය, සංවර්ධන ව්‍යාපෘති බිම් මට්ටමේදී ක්‍රියාත්මක කිරීමට බාධාවක් වී ඇති දීර්ඝ ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි, තාක්ෂණික විශේෂඥතාව සහ මානව සම්පත් හිඟය වැනි අභියෝග ජය ගැනීමේ වැදගත්කම අවධාරණය කළාය. එමෙන්ම රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, සුදුසුකම් ලත් පුද්ගලයන් අදාළ තනතුරුවලට පත් කිරීම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සිවිල් සමාජය දායක කරගැනීම තුළින් වඩාත් ඵලදායී සංවර්ධන ප්‍රතිඵල ළඟා කරගත හැකි බව ද මෙම හමුවේදී අවධානයට ලක් විය.

What's your reaction?

Related Posts

1 of 1,431

Leave A Reply

Your email address will not be published. Required fields are marked *