21 වන ආසියානු මාධ්‍ය සමුළුව ඇමතීමට අමාත්‍ය නලින්ද ජයතිස්ස මාලදිවයිනට

​මාලදිවයිනේ විලා නෝටිකා හිදී අද (11) ආරම්භ වූ 21 වන ආසියානු මාධ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හෙට (12) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. ලබන 14 වනදා දක්වා පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා ආසියානු කලාපයේ රටවල් රැසක ප්‍රතිපත්ති සම්පාදකයින්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, සන්නිවේදන පර්යේෂකයින් සහ වෘත්තිකයින් විශාල පිරිසක් එක්ව සිටිති.​මෙම සමුළුවේදී මෙරට නියෝජනය කරමින් විශේෂ දායකත්වයක් දැක්වීමට අමාත්‍යවරයා සූදානම්ව සිටින අතර, එහි සිව්වන සැසියේ ප්‍රධාන දේශනය ඔහු විසින් පවත්වනු ලබයි. මාධ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, මහජන තොරතුරු ප්‍රචාරණය සහ වගකීම් සහගත සන්නිවේදන භාවිතය යන තේමාවන් ඔස්සේ අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීමට නියමිතව තිබීම විශේෂත්වයකි.​කලාපීය සහයෝගීතාවය තහවුරු කරමින් මාලදිවයින් රජයේ නියෝජිතයින්ට අමතරව බංග්ලාදේශ තොරතුරු අමාත්‍යවරයා, බිම්ස්ටෙක් (BIMSTEC) සහ සාර්ක් (SAARC) සංවිධානවල මහලේකම්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ප්‍රධානීන් රැසක් ද මෙම සමුළුවට එක්ව සිටිති. ආසියානු කලාපයේ මාධ්‍ය වෘත්තීයභාවය සහ මහජන අවශ්‍යතා සුරැකීම සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට අපේක්ෂිතය.

What's your reaction?

Related Posts

1 of 1,136

Leave A Reply

Your email address will not be published. Required fields are marked *