22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති පසුබිමක, එය සම්මත කිරීම හෝ නොකිරීම පිළිබඳ අවසාන තීරණය මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂියට අනුව ගැනීමට ඉඩ සලසන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී.​ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යභාරය වන්නේ පනතක් සඳහා අවශ්‍ය ව්‍යවස්ථාපිත බහුතරය සහ ජනමත විචාරණයක් අවශ්‍යද යන්න තීරණය කිරීම පමණක් බවත්, එය සංශෝධනයේ උචිතබව තීරණය කිරීමක් නොවන බවත් සංගමය පෙන්වා දෙයි. එබැවින් වෘත්තීය සංවිධාන 40කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති අදහස් ද සැලකිල්ලට ගනිමින්, ස්වෛරී ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්තිගරුක තීරණයක් ගැනීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවරී ඇති බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

What's your reaction?

Related Posts

1 of 1,346

Leave A Reply

Your email address will not be published. Required fields are marked *