පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක වේ.ඒ අනුව මට්ටම් 3 (ඉවත් වීමේ අනතුරු ඇඟවීම්) යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නෝර්වුඩ්, කොත්මලේ බටහිර හා නැගෙනහිර යන ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතුය. මීට අමතරව තවත් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා 2 සහ 1 මට්ටමේ අවවාදාත්මක සහ විමසිලිමත් වීමේ නිවේදන අදාළ කාල සීමාව තුළ බලාත්මක කර ඇත.



























