22 වැනි සංශෝධනයට එරෙහිව ඡන්දය දෙන්නැයි දිලිත් ජයවීරගෙන් ඉල්ලීමක්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව හෘදසාක්ෂියට එකඟව ඡන්දය භාවිත කරන මෙන් ‘සර්වජන බලය’ පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ, මෙම සංශෝධනය රටට සහ ජනතාවට හිතකරද යන්න තීරණය කිරීමේ වගකීම මන්ත්‍රීවරුන්ගේ හෘදසාක්ෂියට පැවරී ඇති බවයි.​ස්වාධීන අධිකරණයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වෙනුවෙන් මීට පෙර පෙනී සිටි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් තවදුරටත් එම ප්‍රතිපත්තිවල පිහිටා කටයුතු කළ යුතු බව හෙතම පෙන්වා දෙයි. පක්ෂයේ දැඩි නියෝගවලට පමණක් සීමා නොවී, ජනතාවට දුන් පොරොන්දු මනසේ තබාගෙන මන්ත්‍රීවරුන් මෙම තීරණාත්මක අවස්ථාවේදී නිවැරදි තේරීම සිදු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද හෙතම එම ලිපිය මඟින් සඳහන් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,346

Leave A Reply

Your email address will not be published. Required fields are marked *