රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (02) යළි ආරම්භ වේ. අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (01) දිනයේ ආරම්භ වූ පෙත්සම් විභාගය රාත්‍රී කාලය දක්වා ක්‍රියාත්මක විය.අදාළ පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මඟින් විමසා බලන ලෙස පෙත්සම්කරුවන් කළ ඉල්ලීම ඊයේ දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ අනුව, මුලින් නම් කරන ලද පංච පුද්ගල මඩුල්ල හමුවේම අද දිනයේත් පෙත්සම්කාර පාර්ශ්වයේ වැඩිදුර දේශන මෙන්ම අතරමැදි පෙත්සම්කරුවන් සහ නීතිපතිවරයාගේ කරුණු දැක්වීම් සිදු කිරීමට නියමිතව තිබේ.මෙම 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මෙතෙක් පෙත්සම් 67ක් ඉදිරිපත් වී ඇති අතර, අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් පමණක් නොව ජනමත විචාරණයකින්ද අනුමත කරගත යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඒවා මඟින් ඉල්ලා ඇත.

























