22 වැනි ව්‍යවස්ථා සංශෝධන පෙත්සම් විභාගය අද ආරම්භ වේ

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම ඇතුළු කරුණු කිහිපයක් අඩංගු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව හා පක්ෂව ඉදිරිපත් වී ඇති පෙත්සම් සලකා බැලීම අද (01) දින සිට ආරම්භ වීමට නියමිතය.​අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගයට ගැනීමට නියමිතව ඇත.​මෙම පංච පුද්ගල මඬුල්ල සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන් ද ඇතුළත් වෙති. මීට අදාළව පෙත්සම් ගොනු කිරීම සඳහා ලබා දී තිබූ කාලය ඊයේ (31) දිනෙන් නිමාවට පත් විය.

What's your reaction?

Related Posts

1 of 1,310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *