පසුගිය සැප්තැම්බර් 09 වන දින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වුණු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අද (20) සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කළේ, මෙම කටයුතු ලබන 25 වන දින දක්වා ක්‍රියාත්මක වන බවයි.උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අවසන් වීමෙන් පසු, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි මාසයක් ඇතුළත නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.මේ අතර, මීළඟ අදියර යටතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ද සැප්තැම්බර් 3 වන දින සිට ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.



























