“April Blooms – 2026”: නුවරඑළිය මල් දැක්ම වික්ටෝරියා උද්‍යානයේදී උත්කර්ෂවත් ලෙස ඇරඹෙයි

නුවරඑළිය වසන්ත සැණකෙළියේ වර්ණවත්ම අංගයක් වන “April Blooms – 2026” වසන්ත මල් ප්‍රදර්ශනය පසුගිය (17) දින නිල වශයෙන් ආරම්භ විය. නුවරඑළිය වික්ටෝරියා උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සහභාගී වූවාය.​නුවරඑළිය මහා නගර සභාව විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා නියෝජ්‍ය නගරාධිපති සිවන්ජෝති යෝගරාජා මහතා ප්‍රමුඛ නාගරික මන්ත්‍රී මණ්ඩලය මෙන්ම පළාත් පාලන සහකාර කොමසාරිස්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. නාගරික කොමසාරිස්වරයා සහ නගර සභා කාර්ය මණ්ඩලය විසින් ප්‍රදර්ශනය ඉතා විධිමත් ලෙස සංවිධානය කර තිබීම විශේෂත්වයකි.​ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය වැඩිකිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම මල් දැක්ම නැරඹීම සඳහා මේ වන විටත් දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළිය නගරය වෙත පැමිණෙමින් සිටිති. උද්‍යානය පුරා විහිදී ඇති විවිධ හැඩයේ සහ වර්ණයේ මල් විශේෂ රැසක් මෙවර ප්‍රදර්ශනයට එක් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,102

Leave A Reply

Your email address will not be published. Required fields are marked *