ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිකුත් කළ නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාන දෙකක් පසුබැස 9 වැනි ස්ථානයට පත්ව තිබේ. පාකිස්තානය සමඟ පැවති ටෙස්ට් තරගාවලිය පරාජය වීම මෙම පසුබෑමට සෘජුවම බලපා ඇත.මෙම නව යාවත්කාලීන කිරීමත් සමඟ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට වඩා පහළින් රැඳී සිටින්නේ සිම්බාබ්වේ කණ්ඩායම පමණි.



























