ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සහ සයිනොපෙක් (Sinopec) සමාගම් ද ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත. කෙසේ වෙතත්, සයිනොපෙක් සමාගම මෙවර සුපිරි ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නොමැති අතර, ඔවුන් පෙර පරිදිම සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 600ක මිලකට අලෙවි කරනු ලබයි. අනෙක් සමාගම් දෙකෙහි සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 478කි.මෙම නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 434ක් ලෙස සටහන් වේ. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 25කින් මිල ඉහළ දමා ඇත්තේ නව මිල රුපියල් 495ක් කරමිනි. මීට අමතරව, මෙතෙක් රුපියල් 392කට අලෙවි වූ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර, එහි වත්මන් මිල රුපියල් 407ක් දක්වා වෙනස් වී ඇත.



























