LPL ක්‍රීඩක වෙන්දේසිය අද කොළඹදී

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තේරීමේ තීරණාත්මක කෙටුම්පත් කිරීමේ (Player Draft) කටයුතු අද (1) පස්වරු 1.30 ට කොළඹදී ආරම්භ වීමට නියමිතයි. මේ සඳහා දේශීය ක්‍රීඩකයන් 179 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයන් 242 දෙනෙකු ඇතුළුව සමස්ත ක්‍රීඩකයන් 421 දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. ප්ලැටිනම්, රන්, ක්ලැසික් සහ නැඟී එන තරු ලෙස කාණ්ඩ කිහිපයකින් මෙම ක්‍රීඩකයන් වර්ග කර ඇති අතර, මෙවර වෙන්දේසියේදී දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ටෙම්බා බවුමා කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.​මෙම නිල වෙන්දේසියට පෙර, තරගාවලියට එක්වන කණ්ඩායම් පහ විසින් ඍජු ගිවිසුම් හරහා ප්‍රබල විදෙස් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු දැනටමත් තමන් සතු කරගෙන අවසන්. ඒ අනුව කොළඹ කැප්ස් කණ්ඩායම ජිමී නිෂාම් සහ බෙන් මැක්ඩර්මොට් ද, දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සහිබ්සාඩා ෆර්හාන් සහ රීසා හෙන්ඩ්‍රික්ස් ද තේරී පත්කරගෙන තිබෙනවා. මීට අමතරව ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම රසී වොන් ඩර් ඩුසන් සහ සිකන්දර් රාසා සමඟ ගිවිසුම්ගතව ඇති අතර, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ෂකිබ් අල් හසන් සහ ටස්කින් අහමඩ් ද, කැන්ඩි රෝයල්ස් කණ්ඩායම මොයින් අලි සහ විජේ ශංකර් ද තම කණ්ඩායම් වෙත ඍජුවම බඳවාගෙන තිබෙනවා.​ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ අවස්ථාව සඳහා සියලුම ෆ්‍රැන්චයිස් කණ්ඩායම් හිමිකරුවන්, කළමනාකාරීත්වය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මෙන්ම ක්‍රිකට් පරිවර්තන කමිටු සාමාජිකයන් ද සහභාගී වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 1,183

Leave A Reply

Your email address will not be published. Required fields are marked *