එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා විදෙස් ක්‍රීඩකයන් 650කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කර තිබේ. ලොව පුරා රටවල් 21ක් නියෝජනය කරමින් අයි.සී.සී. පූර්ණ සහ අර්ධ සාමාජිකත්වය දරන රාජ්‍ය රැසක ක්‍රීඩකයින් පිරිසක් මීට ඇතුළත් වීම විශේෂත්වයකි. මෙවර වැඩිම පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ පාකිස්තානයෙන් වන අතර එම සංඛ්‍යාව 102කි.මීට අමතරව බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් 75ක්, දකුණු අප්‍රිකාවෙන් 66ක්, බංග්ලාදේශයෙන් 48ක් සහ නවසීලන්තයෙන් ක්‍රීඩකයන් 41 දෙනෙකු බැගින් ලියාපදිංචි වී ඇත. එසේම ඔස්ට්‍රේලියාව (24), එංගලන්තය (15) සහ ඉන්දියාව (12) යන රටවලට අමතරව ඇමරිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි නැඟී එන ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන් ද මෙම ලැයිස්තුවට ඇතුළත් වේ.මෙලෙස අයදුම් කර ඇති සමස්ත ක්‍රීඩකයන් අතුරින් විශේෂ ඇගයීම් ක්‍රියාවලියක් හරහා අවසන් වටය සඳහා ක්‍රීඩකයින් 310 දෙනෙකු තෝරා ගැනීමට නියමිතය. එලෙස තේරී පත්වන පිරිස ජූනි මස 1 වැනිදා පැවැත්වීමට නියමිත නිල LPL ක්‍රීඩක කෙටුම්පත (Player Draft) සඳහා ඉදිරිපත් කරනු ලබයි.හයවැනි වරටත් සංවිධානය කෙරෙන මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජූලි මස 17 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.



























