නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) වරුණ ජයසුන්දර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවා තිබේ. ඒ මහතා මෙලෙස කැඳවා ඇත්තේ මෑතකදී එල්ල වූ විශේෂිත චෝදනාවකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහාය.මෙම කැඳවීමට හේතු වී ඇත්තේ ‘කෙහෙල්බැද්දර පද්මේ’ නැමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව එල්ල වී ඇති බරපතළ චෝදනාය. ඒ පිළිබඳව සිදුකෙරෙන විමර්ශනවල ඉදිරි පියවරක් ලෙස මෙම ප්‍රශ්න කිරීම සිදු කිරීමට නියමිතය.


























