STF 15වන අණදෙන නිලධාරියා ලෙස රෝයි සුමනවර්ධන වැඩ භාරගනී

ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) 15 වන අණදෙන නිලධාරීවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රෝයි සුමනවර්ධන මහතා අද (25) පෙරවරුවේ එම බලකා මූලස්ථානයේදී රාජකාරි භාරගත්තේය. සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ පැවැති මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන පාලින්ද විජේසුන්දර, එච්.යූ. නිශාන්ත ද සිල්වා සහ ආර්.සී. හේරත්ආරච්චි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.​ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු 1989 ඔක්තෝබර් 8 වැනිදා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියට එක්ව, 1990 ඔක්තෝබර් 25 වැනිදා STF සමඟ සම්බන්ධ විය. වසර 38කට ආසන්න සේවා කාලය තුළ කඳවුරු, ප්‍රාදේශීය හා කලාප අණදෙන නිලධාරී තනතුරු මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂක නිලධාරී සහ STF නියෝජ්‍ය අණදෙන නිලධාරී (මෙහෙයුම් හා පාලන) යන තනතුරුද ඔහු දරා ඇත.​පශ්චාත් උපාධියක්ද හිමි රෝයි සුමනවර්ධන මහතා, දේශීය හා විදේශීය වෘත්තීය පුහුණු පාඨමාලා රැසක් සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

What's your reaction?

Related Posts

1 of 1,439

Leave A Reply

Your email address will not be published. Required fields are marked *