හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අභියාචනය මාර්තු 5ට කල් යයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම, කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 5 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.​මහින්ද සමයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද (25) කැඳවනු ලැබීය.​ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ දිනය ලබා දීමට තීරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *