TIN තිබුණත් සැවොම බදු ගෙවිය යුතු නෑ – බැංකු සහ වාහන බලපත්‍ර කටයුතුවලට හැඳුනුම්පත භාවිතයට තාවකාලික අවසර

වයස අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබාදීමේ වැඩසටහන මෙරට ආර්ථික ක්‍රියාවලිය විධිමත් කිරීමේ අරමුණින් පෙර සිටම ආරම්භ කරන ලද්දක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. TIN අංකයක් ලබාගත් පමණින් සෑම පුද්ගලයෙකුම ආදායම් බදු ගෙවීමට යටත් නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.​මෙරට අවුරුදු 18ට වැඩි ජනගහනය මිලියන 13ක් පමණ වන අතර, ඉන් මිලියන 1.2ක පමණ පිරිසක් සඳහා මේ වන විටත් ආදායම් බදු ගොනු විවෘත කර ඇත. 2026 නොවැම්බර් 01 වැනිදා සිට තෝරාගත් ආර්ථික ක්‍රියාකාරකම් අටක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.​කෙසේ වෙතත්, නව බැංකු ගිණුම් විවෘත කිරීම සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම වැනි කටයුතුවලදී ජනතාව මුහුණ දුන් ගැටලුවලට විසඳුම් ලබාදී ඇත. ඒ අනුව, TIN අංකය නොමැති අයට ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර නව බැංකු ගිණුම් විවෘත කිරීමටත්, වාහන බලපත්‍ර අලුත් කිරීමේදී හැඳුනුම්පත් අංකය භාවිත කිරීමටත් අවස්ථාව සලසා තිබේ.​මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් සමාජයේ පැතිර යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ඉල්ලා සිටින අමාත්‍යවරයා, අනවශ්‍ය කලබලයකින් තොරව නීත්‍යනුකූලව තම බදු වගකීම් ඉටු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,406

Leave A Reply

Your email address will not be published. Required fields are marked *