මහනුවර – යාපනය A-9 මාර්ගයේ අකුරණ, 7 කණුව කුරුගොඩ මංසන්ධිය ආසන්නයේදී අද (19) පෙරවරුවේ සිමෙන්ති පටවාගත් ලොරි රථයක් වාහන කිහිපයක ගැටීමෙන් සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් සයදෙනෙකු මියගොස් තිබේ.අලවතුගොඩ පොලිසිය සඳහන් කරන්නේ අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් 6 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර, වාහන 10කට ආසන්න සංඛ්යාවකට හානි සිදුව ඇති බවයි. මෙහිදී ත්රිපෝද රථයක් ඇතුළු වාහන දෙකක් මුළුමනින්ම විනාශ වී ඇති අතර යතුරුපැදියක් ගිනිගෙන තිබේ.සිද්ධිය සැලවීමත් සමග ප්රදේශවාසීන් විශාල පිරිසක් එම ස්ථානයට රැස්වී ඇති අතර, අනතුර සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



























