ලබන අගෝස්තු මාසය දක්වා රටට අවශ්‍ය ඉන්ධන තොග ප්‍රමාණවත්ව පවතින අතර, වසරේ ඉතිරි කාලය සඳහා ද අවශ්‍ය ඇණවුම් මේ වන විටත් තහවුරු කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. මහජන සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සමාලෝචන රැස්වීමකදී මේ බව තහවුරු විය. එහිදී පවතින බලශක්ති කළමනාකරණය විධිමත් කිරීම සඳහා නව QR කේත ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්, පවතින ඉන්ධන කෝටාවන් ඉහළ නැංවීමටත් මූලික අවධානය යොමුව තිබේ.බලශක්ති අර්බුදයට දිගුකාලීන විසඳුම් ලෙස පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් දිරිමත් කිරීමටත්, සෑම රාජ්‍ය ආයතනයක් සඳහාම “බලශක්ති කළමනාකරුවෙකු” බැගින් පත් කිරීමටත් මෙහිදී තීරණය කෙරිණි. එමෙන්ම, එළඹෙන වෙසක් සතිය තුළ මහජනතාවට කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

























