තායිවාන ස්වාධීනත්වයට ට්‍රම්ප්ගෙන් බාධා

චීනය සහ ඇමෙරිකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත්ව පවත්වාගෙන යාමේ අරමුණින්, තායිවානය නිල වශයෙන් ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමට උත්සාහ දැරීමට එරෙහිව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. චීන ජනාධිපති ෂි ජින්පින් සමඟ බෙයිජිං නුවර පැවැති දෙදින නිල සමුළුව නිමාවීමෙන් පසු මාධ්‍ය ඇමතූ ට්‍රම්ප් මහතා, තායිවානය විසින් ඒකපාර්ශවිකව ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කිරීමට තමන් කිසිසේත්ම එකඟ නොවන බව අවධාරණය කළේය. දෙරට අතර පවතින බල තුලනය ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.​කෙසේවෙතත්, තායිවාන ජනාධිපති ලායි චින් ටේ මීට පෙර ප්‍රකාශ කර තිබුණේ තමන් දැනටමත් ස්වෛරී, ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කරන බැවින් අලුතින් නිල වශයෙන් ස්වාධීනත්වයක් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. ඇමෙරිකාව සහ තායිවානය අතර පවතින නීත්‍යානුකූල එකඟතාවලට අනුව, තායිවානයේ ආරක්ෂාව සඳහා අවශ්‍ය හමුදාමය මෙවලම් සැපයීමට ඇමෙරිකාව දීර්ඝ කාලයක සිට බැඳී සිටින පසුබිමක ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය නිකුත් වීම විශේෂත්වයකි.

What's your reaction?

Related Posts

1 of 764

Leave A Reply

Your email address will not be published. Required fields are marked *