අමෙරිකානු සම්බාධකවලට පිළිතුරු ලෙස ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි

ලෝක බලශක්ති සැපයුමේ තීරණාත්මක මංසන්ධියක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වාණිජ නෞකා සඳහා වසා දැමීමට ඉරානය අද (18) පියවර ගෙන තිබේ. ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිවේදනය කළේ, මෙතෙක් ලිහිල් කර තිබූ නාවික ගමනාගමන කටයුතු යළිත් “දැඩි කළමනාකරණ” මට්ටමක් දක්වා ඉහළ නංවා ඇති බවයි. මෙම හදිසි තීරණයත් සමඟ කලාපයේ නාවික ආරක්ෂාව සහ ජාත්‍යන්තර තෙල් වෙළඳපොළ කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.​ඉරානය මෙම දැඩි තීරණය ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අමෙරිකාව විසින් දිගින් දිගටම ඉරාන වරායන් ඉලක්ක කරගනිමින් සිදුකරන අවහිර කිරීම් බව වාර්තා වේ. අමෙරිකානු පීඩනය හමුවේ සිය ආර්ථික මර්මස්ථාන ආරක්ෂා කරගැනීම සඳහා මෙම පියවර ගත් බව ආරක්ෂක අංශ පවසයි. අමෙරිකාව සිය ක්‍රියාකලාපය වෙනස් නොකළහොත් සමුද්‍ර සන්ධිය වසා දමන බවට ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් මීට පෙරද අනතුරු අඟවා තිබුණි.​මෙම වසා දැමීමත් සමඟ මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න වී ඇති අතර, ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය මේ වන විට හෝමූස් සමුද්‍ර සන්ධිය වෙත යොමුව පවතී. අමෙරිකාව සහ ඉරානය අතර පවතින මෙම රාජ්‍යතාන්ත්‍රික ගැටුම හමුවේ ඉදිරි දින කිහිපය තුළ ගෝලීය ඉන්ධන මිල සහ නාවික ප්‍රවාහන ගාස්තු කෙරෙහි සෘජු බලපෑමක් ඇති විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

What's your reaction?

Related Posts

1 of 723

Leave A Reply

Your email address will not be published. Required fields are marked *