අයවැය ගැටලු ගැන තීරණයක් ගන්න GMOA ශාඛා සමිති සඳුදා රැස්වෙයි

නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කළ අයවැය මගින් වෛද්‍යවරුන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු නොවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ලබන සඳුදා (23) සියලුම ශාඛා සමිති කැඳවා තිබේ. දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා පැවැත්වෙන මෙම රැස්වීම් කාලය තුළ රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යන බව එම සංගමය අවධාරණය කරයි. පසුගිය දෙවසර තුළ තම දීමනා කැපකරමින් රජයට රුපියල් බිලියන 44කට අධික මුදලක් ඉතිරි කර දුන්නද, වෛද්‍යවරුන්ගේ ආර්ථික ගැටලුවලට අයවැයෙන් විසඳුම් නොලැබීම පිළිබඳව සංගමය දැඩි අප්‍රසාදය පළ කර ඇත.​පසුගිය 19 වැනිදා රැස්වූ හදිසි මධ්‍යම කාරක සභාව විසින් ඉදිරිපත් කළ යෝජනා අතරට 2018 අනුමත සමස්ත DAT දීමනාව ලබාදීම, අමතර රාජකාරි හා DAT දීමනා බදුවලින් නිදහස් කිරීම සහ අත්හිටුවා ඇති අමතර රාජකාරි දීමනාවලින් තුනෙන් එකක් නැවත ගෙවීම ඇතුළත් වේ. එමෙන්ම, 22/99 චක්‍රලේඛයට අනුව ප්‍රවාහන පහසුකම් ලබාදීම සහ බදු සහන යටතේ වාහන ආනයන බලපත්‍ර ක්‍රියාත්මක කිරීමද ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් පහට අයත්ය. සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලු විසඳා ගැනීමේ අරමුණින් ලබන සතියේදී ජනාධිපතිවරයා හමුවීමටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමටත් සංගමය අපේක්ෂා කරයි.

What's your reaction?

Related Posts

1 of 1,433

Leave A Reply

Your email address will not be published. Required fields are marked *