අයිස් බවට සැක මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ වරායෙන් සොයා ගනී

කොළඹ වරාය පරිශ්‍රයේ තිබී විශේෂ බහාලුමක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන තොගයක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගනු ලැබීය.​ප්‍රාථමික විමර්ශනවලදී අනාවරී වී ඇත්තේ පාකිස්තානයේ සිට එවන ලද මෙම මත්ද්‍රව්‍ය තොගය, අදාළ කන්ටේනරය තුළ තිබූ තුවා අතර ඉතා සූක්ෂම ලෙස සඟවා එවා ඇති බවයි.​සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවීම සඳහා පොලීසිය සහ අදාළ විමර්ශන අංශ කටයුතු කරමින් සිටින අතර, ජාලයේ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 1,310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *