ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහදගම මහතා අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඊයේ (05) රාත්‍රී කාලයේදී මිරිහාන ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිසිය තහවුරු කරයි. මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකුද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


























