පාර්ලිමේන්තුව අද (06) පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතව ඇත. දිනපතා පාර්ලිමේන්තු කටයුතුවලට අමතරව, අද දිනයේ විශේෂ ගැසට් නිවේදන සහ රෙගුලාසි කිහිපයක් පිළිබඳව විවාද පැවැත්වීමට නියමිතය.ඒ අනුව, පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා විදේශ විනිමය පනත යටතේ නිකුත්කළ ගැසට් පත්ර සහ රාජ්ය ණය කළමනාකරණ පනත යටතේ වන යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතව තිබේ. ඉන්පසුව පස්වරු 5.00 සිට ආණ්ඩු පක්ෂය ගෙන එන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.


























