විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. පසුගිය ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම විශේෂ මූල්‍ය දීමනාව ආබාධිත සිසුන්ට පිරිනැමීමට තීරණය කර තිබූ බව එම කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ මහතා තහවුරු කළේය.ඒ අනුව මෙතෙක් ගෙවීමට තිබූ හිඟ වාරික ද ඇතුළත් වන පරිදි, අදාළ සිසුන් වෙත මෙම මාසයේ සිටම මුදල් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව උප සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. මෙමඟින් සරසවි පද්ධතිය තුළ සිටින ආබාධ සහිත සිසුන්ගේ අධ්‍යාපන සහ දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට මනා අත්වැලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.



























