විසිවන ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් තරගාවලියේ රන් පදක්කම සඳහා වන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය ක්රිකට් කණ්ඩායම සමත්ව ඇත.ඒ, දෙවන අවසන් පූර්ව තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම පරාජය කරමිනි.පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 169ක් රැස්කළ අතර, ජයග්රාහී ඉලක්කය හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 9.5ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 45ක් පමණි.



























