ඉදිරි මහ කන්නයේ වගා කටයුතු පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් ලබන 08 වැනිදා

​ඉදිරි මහ කන්නයට අදාළ වගා කටයුතු සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ හමුවක් ලබන 08 වැනිදා පැවැත්වීමට නියමිත බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.​රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව අනාවරණය කළ අතර, එහිදී ගනු ලබන මූලික තීරණ පදනම් කර ගනිමින්, සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් යුත් අවසන් තීරණ ගැනීම සඳහා මින් ඉදිරියට තවත් හමුවක් ලබන 18 වැනි දින කැඳවීමට නියමිතව තිබේ.​මෙම සාකච්ඡා මාලාව තුළ ප්‍රධාන වශයෙන්ම වී වගාව මෙන්ම අනෙකුත් විවිධ භෝග වගා කිරීමේ ක්‍රමවේද සහ ඒ සඳහා අවශ්‍ය ජලය නිසි පරිදි කළමනාකරණය කර ලබාදීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතය. එමෙන්ම, කාලගුණ තත්ත්වයන් ද වගා කටයුතු සඳහා සලකා බැලීම පිණිස මෙම සාකච්ඡා සඳහා කාලගුණ විද්‍යා අංශවල නියෝජිතයන්ද සහභාගි කරවා ගැනීමට අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,316

Leave A Reply

Your email address will not be published. Required fields are marked *