ඉන්දියාවේ ප්රමුඛ පෙළේ ගුවන් සේවයක් වන IndiGo ආයතනය විසින් දිල්ලි-කොළඹ සහ බැංගලෝර්-කොළඹ යන මාර්ගවල දෛනික ගුවන් ගමන් යළි ආරම්භ කර ඇත.මෙම සේවාවන් යළි ක්රියාත්මක වීමත් සමඟ ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර සංචාරක සහ ව්යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, මගීන්ට පහසුකම් පුළුල් වේ.විශේෂයෙන්ම ඉන්දියාවේ ප්රධාන නගර දෙකක් සහ කොළඹ අතර ගමන් කරන මගීන්ට මෙමඟින් වඩාත් ඉක්මන් හා පහසු ප්රවාහන පහසුකම් සැලසෙනු ඇත.



























