ඉන්දීය ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන ශූරතාව දිනාගනී; ශ්‍රී ලංකාවට අනුශූරතාව

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති 2026 කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරාජය කළ ඉන්දීය කණ්ඩායම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 183ක ප්‍රබල ලකුණු පුවරුවක් නිර්මාණය කළහ.​ඉන්දීය ඉනිම ශක්තිමත් කරමින් ආරම්භක පිතිකාරිනියන් වන ෂෆාලි වර්මා (ලකුණු 68යි) සහ ස්මෘති මන්දනා (ලකුණු 59යි) පළමු කඩුල්ල සඳහා ලකුණු 129ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගූහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111ක් පමණක් වන අතර, එහිදී නායිකා චමරි අතපත්තු ලකුණු 36ක් රැස්කළාය.​ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගෙන් මිතිලී අයෝධ්‍යා, චමුදි ප්‍රබෝදා සහ චමරි අතපත්තු එක් කඩුල්ල බැගින් බිඳහෙළූහ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ඉනිම අඩපණ කළ ශ්‍රී චරණි ලකුණු 20කට කඩුලු 4ක් සහ දීප්ති ෂර්මා ලකුණු 19කට කඩුලු 3ක් දවාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

What's your reaction?

Related Posts

1 of 974

Leave A Reply

Your email address will not be published. Required fields are marked *