ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහ කථානායක අතර සමුගැනීමේ හමුවක්

​ශ්‍රී ලංකාවේ සේවා කාලය අවසන් කර මෙරටින් නික්ම යන ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සත්‍යාංජල් පාණ්ඩේ මහතා සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අතර නිල හමුවක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූ මෙම සාකච්ඡාවේදී, දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ ව්‍යවස්ථාදායක සබඳතා ශක්තිමත් කිරීමට ලැබුණු සහයෝගය වෙනුවෙන් නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කථානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සිය කෘතඥතාව පළ කළේය.​මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා, ශ්‍රී ලංකාව මුහුණ දුන් අසීරු අවස්ථාවලදී ඉන්දීය රජය සහ ජනතාව දක්වන ලද අඛණ්ඩ සහයෝගය අගය කළ අතර, විශේෂයෙන්ම මෑතකාලීන ‘දිත්වා’ සුළි කුණාටු ආපදා තත්ත්වයේදී සහ මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දියාව ලබාදුන් සහාය පිළිබඳව ස්තුතිය පුද කළේය. මීට අමතරව, මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ වෘත්තීය ප්‍රගතිය වෙනුවෙන් ඉන්දියාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ධාරිතා සංවර්ධන හා පුහුණු වැඩසටහන් ද මෙහිදී කථානායකවරයාගේ ඇගයීමට ලක්විය.

What's your reaction?

Related Posts

1 of 1,171

Leave A Reply

Your email address will not be published. Required fields are marked *