ඉන්දීය නාවික හමුදාවේ ආරාධනය මත තිදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ සංචාරය කළ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා එම සංචාරය සාර්ථකව නිමවා අද (30) දිවයිනට යළි පැමිණ තිබේ. මෙම සංචාරය අතරතුරදී, දෙරට අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සහ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම අරමුණු කරගනිමින්, ඉන්දීය ජ්‍යෙෂ්ඨ ආරක්ෂක සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සමඟ උසස් මට්ටමේ සාකච්ඡා කිහිපයක් පවත්වනු ලැබීය.

























