ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් වෘත්තීය ක්‍රියාමාර්ග අනතුරු ඇඟවීමක්

අනුමත DAT දීමනාව සම්පූර්ණයෙන් ලබාදීම, එය උපයන විට ගෙවීමේ බද්දෙන් (PAYE) නිදහස් කිරීම, කප්පාදු කළ අමතර රාජකාරි සහ නිවාඩු දින දීමනාවලින් තුනෙන් එකක් යළි ස්ථාපිත කිරීම, ප්‍රවාහන පහසුකම් චක්‍රලේඛයට සුදුසුකම් ලබන වෛද්‍යවරුන් අන්තර්ග්‍රහණය කිරීම සහ බදු සහන වාහන බලපත්‍ර ලබාදීම යන ප්‍රධාන ඉල්ලීම් 5 කඩිනමින් ඉටු නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි. හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමකින් අනතුරුව ලේකම් වෛද්‍ය යූ.කේ.බී. වරකගොඩ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.​වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා යෝජනා 20ක් ඇතුළත් වාර්තාවක් පසුගිය ජූලි මාසයේදී ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට භාරදුන්නද, මාස තුනකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පිළිබඳ සාධනීය සාකච්ඡාවක් ලබා දී නොමැති බව සංගමය පෙන්වා දෙයි. පසුගිය වසර දෙක තුළ දීමනා කප්පාදු කිරීම හරහා වෛද්‍යවරුන් රුපියල් බිලියන 44කට අධික මුදලක් රජයට ඉතිරි කර දී ඇති බවත්, මෙම ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් වෛද්‍යවරුන් රට හැර යාම ඉහළ ගොස් නිදහස් සෞඛ්‍ය සේවාව බරපතළ අර්බුදයකට ලක්විය හැකි බවත් එම සංගමය අවධාරණය කරයි.​මේ සම්බන්ධයෙන් රජය කඩිනමින් මැදිහත් නොවුණහොත් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කිරීමේ බලය සංගමයේ විධායක සභාවට පවරා ඇත. පෙර විරෝධතාවලදී රෝගීන්ට පීඩාවක් නොවන අයුරින් කටයුතු කළද, ඉදිරියේදී ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගී ජනතාව මුහුණ දෙන අපහසුතාවල වගකීම රජය භාරගත යුතු බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

What's your reaction?

Related Posts

1 of 1,431

Leave A Reply

Your email address will not be published. Required fields are marked *