ඊශ්රායලයේ පැවැති මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අවසන් වී ඇති අතර, අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානයට රාජ්ය බලය පිහිටුවීමට අවශ්ය බහුතර බලය හිමිවී නොමැති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.ආසන 120 කින් යුත් ඊශ්රායල පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආසන 61 ක බහුතරයක් අවශ්ය වේ. කෙසේ වෙතත් නෙතන්යාහුගේ සන්ධානයට හිමිව ඇත්තේ ආසන 53 ක් පමණි. විපක්ෂ කණ්ඩායම ආසන 48 ක් සහ අරාබි පක්ෂ ආසන 19 ක් දිනාගෙන ඇත.බහුතරය අහිමි වීම හේතුවෙන් නව රජයක් පිහිටුවීම සඳහා විපක්ෂයේ අනෙකුත් දේශපාලන කණ්ඩායම්වල සහාය ලබාගැනීමට අගමැති නෙතන්යාහුට සිදුවනු ඇත.



























