2028 අයවැය යටතේ 36%ක උපරිම පුද්ගල ආදායම් බදු අනුපාතය අදාළ වන මාසික ආදායම් සීමාව රුපියල් 500,000 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. දැනට රුපියල් 358,333ක් ලෙස පවතින මෙම සීමාව 2027 වසරේදී රුපියල් 433,333 දක්වාත්, ඉන්පසුව ලක්ෂ 5 දක්වාත් ඉහළ නැංවීමට නියමිතය.එමෙන්ම, 2027 අයවැය මගින් මාසික බදු නිදහස් ආදායම් සීමාව රුපියල් 150,000 සිට 162,500 දක්වා ඉහළ දැමීමට ද යෝජනා කර තිබේ. රාජ්‍ය සේවක ගැටලු සඳහා හැකි උපරිම විසඳුම් ලබා දී ඇති නමුත් කිසිදු බලපෑමකට යටත් නොවන බවත්, අනාගත ආයෝජන සඳහා වන ප්‍රාග්ධන වියදම් කප්පාදු නොකරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.



























