ජාතික ජන බලවේගයට බලය හිමි වැලිගම නගර සභාවේ 2027 වර්ෂය සඳහා වන අයවැය අද වැඩි ඡන්ද දෙකකින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 10ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 8ක් පමණි.මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගෙන් සමන්විත මෙම සභාවේ ජාතික ජන බලවේගයට සභිකයන් 9 දෙනෙකු සහ විපක්ෂයට 10 දෙනෙකු හිමිව තිබුණද, ඡන්ද විමසීම පැවැති අවස්ථාවේදී එක් මන්ත්‍රීවරයෙකු සභාවට පැමිණ සිටියේ නැත. ඒ අනුව විපක්ෂයේ සභිකයෙකුගේ ද සහාය ඇතිව අයවැය සම්මත කර ගැනීමට පාලක පක්ෂය සමත් විය.



























