දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (19) පස්වරු 11.30 දක්වා බලපාන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ. ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම යාපනය, මුලතිව්, වවුනියා සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලට මෙම කාලගුණ තත්ත්වය විශේෂයෙන් බලපානු ඇති බව සඳහන් වේ.අදාළ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතියි. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව දැඩි අවධානයෙන් හා විමසිලිමත්ව කටයුතු කරන ලෙස කාලගුණ අංශ ඉල්ලා සිටී.



























