”එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව පෙරදැරි කරගනිමින්, ‘Clean Sri Lanka’ මහලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන “අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහනේ දෙවන අදියර අද (19) දිවයින පුරා සාර්ථකව දියත් කෙරිණි. සෑම ග්‍රාම නිලධාරී වසමක්ම කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මෙම සත්කාරය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය මෙන්ම ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් එකතු වී සිටියහ.මෙහි ප්‍රධාන වැඩසටහනකට සමගාමීව, ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනයේ හුණුපිටිය ජයන්තිමහල් හන්දිය ආශ්‍රිත ප්‍රදේශය පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක්ද සංවිධානය කර තිබුණි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩසටහනින් අනාවරණ වූයේ, සමාජය තුළ ගිලිහී යමින් තිබෙන අන්‍යෝන්‍ය සහයෝගීතාව සහ සාමූහිකත්වය යළි තහවුරු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ බවයි. ඉදිරි මාස කිහිපය තුළ සෑම මසකම අවසන් සෙනසුරාදා දින මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් සැලසුම් කර ඇත.



























