එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සමාජ මාධ්‍ය භාවිතය සඳහා අවම වයස් සීමාව වයස අවුරුදු 15ක් ලෙස නියම කරමින් නව නීතිමය රාමුවක් අද (18) සිට ක්‍රියාත්මක වේ. මෙම පියවර හරහා සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් දැඩි රෙගුලාසි හඳුන්වා දුන් පළමු අරාබි රට බවට එමීර් රාජ්‍යය පත්ව ඇත.
මෙම නව රෙගුලාසි අනුව, වයස අවුරුදු 15ට අඩු දරුවන්ට පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් ආරම්භ කිරීම හෝ ඒවා භාවිත කිරීම තහනම් වේ. මෙය දරුවන්ගේ ආරක්ෂාව සහ ඔන්ලයින් අවකාශය තුළ ඔවුන් මුහුණ දෙන අභියෝග අවම කිරීමේ අරමුණින් ගත් ක්‍රියාමාර්ගයක් ලෙස සැලකේ.එමෙන්ම, මෙම නීතිය යටතේ විවිධ සමාජ මාධ්‍ය වේදිකාවල ක්‍රියාත්මක වන සමූහ (Groups) වෙත ප්‍රවේශ වීමද දරුවන්ට තහනම් කර තිබේ. මෙම නව නෛතික තත්ත්වය තුළ එරට සමාජ මාධ්‍ය පරිශීලනය සම්බන්ධයෙන් වැඩි වගකීමක් පවරා ඇති බව වාර්තා වේ.



























